බුදු දහමට අනුගත නැණ නුවණින් හා ගුණ දහමින් පිරිපුන් දරු පිරිසක් දැයට දායාද කරන රෝහණයේ ප්‍රමුඛතම දම් පියස බවට පත් වීම.
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුත්,
නිති පන්සිල් සුරකින දැනුමෙන්,
කුසලතාවලින් සහ ආකල්පයන්ගෙන් සන්නද්ධ වූත්,
නිපුණතාවලින් පරිපූර්ණ වූත්,
විනයගරුක සිසු පිරිසක් සඳහා වූ බෞද්ධ පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා ක්‍රියා කිරීම.
වර්ෂ 1976 ජනවාරි 04 සිට ලිඛිත ඉතිහාහාසයක් ඇති කඹුරුපිටිය ප්‍රාදේශීය ශාෂනාරක්ෂක මණ්ඩලයේ වැඩිම සිසුන් පිරිසක් ඉගෙනුම ලබන අප දහම්පාසල මාතර දිස්ත්‍රික්කය තුල පමණක් නොව මුලු මහත් ශ්‍රී ලංකාව පුරා කැපී පෙනෙන දහම්පාසල බවට පත් වී ඇත.
දහම් පාසල් ඉතිහාසයට අභිමානවත් නව පරිච්ඡේදයක් එක් කරමින්, 2026 වසරේ අප සංවිධානය කළ අධ්‍යාපන චාරිකාව කුරුණෑගල සහ දඹුල්ල යන සුන්දර ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ඉතා සාර්ථකව පවත්වන ලදී. සිසු සිසුවියන් 138ක් සහ ආචාර්ය මණ්ඩලයේ 22ක් ඇතුළුව 160 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බස් රථ තුනකින් මෙම චාරිකාවට එක් සහභාගී විය.
View More
"ගුණරතන සිසු අභිමන්" මහෝත්සවයේදී නායකත්ව අභිෂේක ලත් ශිෂ්‍ය නායක නායිකාවන් 52 දෙනෙකු දහම් පාසලේ විනය හා ගෞරවය රැකීමට ප්‍රතිඥා දුන් අතර, අලංකාර නර්තනයන්ගෙන් සහ විචිත්‍රවත් වේදිකාවකින් මෙම උළෙල වර්ණවත් විය.
View More
දරුවන් සතිපතා එකතු කළ පොල්කටු අලෙවි කර උපයාගත් අරමුදලින් නිමවූ මෙම කළුගල් නාම පුවරුව, හුදෙක් සලකුණක් නොව දහම් පාසල් දුවා දරුවන්ගේ සාමූහික කැපවීම සහ අභිමානය ලොවටම පෙන්වන මහාර්ඝ ස්මාරකයකි.
View More
"අසිරිමත් පින්බිම" වැඩසටහන හරහා කඨින පින්කම් මාලාව සජීවීව විකාශය කරමින්, දෙස් විදෙස් මිලියනයකට අධික සැදැහැවතුන් පිරිසක් ආගමික මෙහෙවර සමඟ සම්බන්ධ කළ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථම දහම් පාසල් ඩිජිටල් ව්‍යාපෘතිය මෙයයි.
View More
ගම්වාසීන් හා දරුවන් 1000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්, දේශීය සිරිත් විරිත් හා සාම්ප්‍රදායික ක්‍රීඩා තරග තිහකට අධික සංඛ්‍යාවකින් සමන්විත වූ මෙම බක්මහ උළෙල, දරුවන් තුළ සංස්කෘතික අගයයන් වර්ධනය කළ අති උත්කර්ෂවත් මංගල්‍යයකි.
View More
ඉතිහාසයේ වැඩිම පිරිසක් (174 දෙනෙකු) සහභාගී වූ බදුල්ල - හපුතලේ අධ්‍යාපන චාරිකාව සිසුන්ගේ පාරිසරික හා ඓතිහාසික දැනුම ඔප්නැංවූවා සේම, ඔවුන්ගේ අව්‍යාජ සතුට හා සහෝදරත්වය මනාව පිළිඹිබු කළ අමතක නොවන අත්දැකීමකි.
View Moreසබරලේ ශ්‍රී ගුණරතන දහම්පාසලේ 2026 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2026 පෙබරවාරි මස 08 වන ඉරු දින දහම් පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත...
February 7, 2026
සබරලේ ශ්‍රී ගුණරතන දහම් පාසලේ 2026 වර්ෂයේ වාර්ශික අධ්‍යාපන චාරිකාව 2026 මාර්තු මස 22 වන ඉරු දින යාමට සියල්ල සූදානම් කර ඇත....
March 17, 2026
සබරලේ ශ්‍රී ගුණරතන දහම් පාසලේ 2026 වර්ෂයේ වෙසක් උත්සවය 2026 මැයි මස 22 වනදා සිට 31 වන දින දක්වා පැවැත්වේ....
April 5, 2026
පොසොන් පොහොයට සමගාමීව පැවැත්වෙන දහම්පාසල් දරුවන්ගෙ නිර්මාණ ප්‍රදර්ශනය ජුනි මස පොසොන් පොහෝ දින සිට දින තුනක් විහාරස්ථානයේදී පැවැත්වේ....
May 9, 2026
Principal
Vice Principal
Vice Principal